ඉරාන තෙල් අපනයනට ඇමෙරිකාවෙන් සම්බාධක
ඇමෙරිකාව, ඉරාන තෙල් අපනයනයට එරෙහිව නව සම්බාධක මාලාවක් පනවා ඇත.
ඊශ්‍රායලය සහ ඉරානය, ගැටුම අවසන් වී සටන් විරාමයක් ආරම්භ වීමෙන් පසු ඇමෙරිකාව ඉරානයට පැනවූ නව සම්බාධකවලින් පළමු සම්බාධක මාලාව මෙය යැයි පැවැසෙයි.
ඉරානයේ බලශක්ති අංශය අඩපණ කිරීම, මෙම නව සම්බාධකවල අරමුණ බව පැවැසෙයි.
ඇමෙරිකාව මේ වනවිටත් ඉරාන තෙල් අපනයනයට සම්බාධක පනව ඇත. ඇමෙරිකාව චෝදනා නගන්නේ ඉරානය, අසල්වැසි ඉරාකයේ සහාය ලබා ගනිමින් තෙල් අපනයනය සිදු කරන බවය. නව සම්බාධක මාලාව පනවා ඇත්තේ, ඒ සම්බන්ධයෙනි.
(ඒ.එෆ්.පී.)