ඉරානය ප්‍රංශ යුවළ නිදහස් කරයි



හෝමූස් සමුද්‍ර සන්ධිය හමුදා ක්‍රියාමාර්ගයකින් විවෘත කළ යුතු යැයි පසුගිය දා බහරේනය සහ ඇමෙරිකාව එක් වෙමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේය. ඊට ප්‍රංශය විරෝධය දැක්වූයේ ප්‍රංශය සතු නිෂේධ බලය යොදා ගනිමිනි.

හෝමූස් විවෘත කිරීමට හමුදා සහාය දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගෙන් ඉල්ලා සිටි නමුත්, මැක්රොන් සෙසු යුරෝපා රටවල නායකයන් සේම, ට්‍රම්ප්ට ‘බැහැ’ කීවේය.

ප්‍රංශය ඉරානයේ විරුද්ධවාදියකු නොවූ බැවින්, ඉරාන විප්ලවීය හමුදාව ප්‍රංශ නැව්වලට හෝමූස් හරහා යෑමට ද අවසර දී ඇත. ඊට අමතරව වසර තුනක් තිස්සේ ඔත්තු බැලීමේ චෝදනාවලට වරදකරු වී ඉරාන අත්අඩංගුවේ සිටි ප්‍රංශ ජාතික යුවළක් වන සෙසීල් කෝලර් සහ ජැක් පැරිස් නිදහස් කිරීමටත් ඔවුන්ට යළි ප්‍රංශයට යෑමටත් ඉරානය අවසර දී ඇත.

සෙසීල් කෝලර් සහ ජැක් පැරිස්  නිදහස ලබා ප්‍රංශයට පැමිණි බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත. සෙසීල් කෝලර් සහ ජැක් පැරිස් යන දොදෙනා අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත්තේ 2022 වසරේදීය.


RECOMMEND POSTS