ඇමෙරිකා නියෝජිතයන් හමුවීමේ කිසිම අදහසක් නෑ

ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව, ඇමෙරිකන් නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව සිටියත්, පසුගිය දිනවල පැවැති ගැටුම් හේතුවෙන්, ඇමෙරිකා නියෝජිතයන් හමුවීම, ඉරාන නියෝජිතයන් ප්‍රතික්ෂේප කළ බව කටාර් රාජ්‍යය පවසයි.
අවබෝධතා ගිවිසුමට අදාළව සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත්තේ කටාර් රාජ්‍යයේදීය. ඇමෙරිකන් සහ ඉරාන නියෝජිතයන් කටාර් රාජයයේ දෝහා නුවරදී පැවැත්වීමට නියමිතව තිබුණත්, සති අන්තයේ පැවැති ගැටුම හේතුවෙන් සාකච්ඡා සඳහා අවලංගු කෙරුණි.
ධවල මන්දිරය ද පවසා ඇත්තේ, ඉරානය සමග මේ සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡා පැවැත්වීමේ කිසිදු අදහසක් තමන්ට නොමැති බවය.

