ආධාර ඉල්ලා පොර කෑ පලස්තීනුවෝ 3 ක් මරුට



ඇමෙරිකාවේ අනුග්‍රහය ලබන ‘ගාසා මානුෂීය පදනම’, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ට ආධාර බෙදා දීමට කටයුතු කළේය. 

එහිදී ආධාර ලබා ගැනීමට පොරකෑ පලස්තීන වැසියන්ගෙන් තිදෙනකු තෙරපීමට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 46 දෙනෙක් තුවාල ලැබූහ.

‘ගාසා මානුෂීය පදනම’ ආධාර බෙදා දෙන කාර්යාලය ඇත්තේ, ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරයේය. ආහාර, ඖෂධ ඇතුළු ආධාර එම කාර්යාලයට ලැබීම සිදුවූයේ ඊශ්‍රායලය ඒ සඳහා අනුමැතිය දීමෙන් පසුවය.

මේ අතර, ගාසා මානුෂීය පදනමේ ප්‍රධානී ජේක් වුඩ් සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි ද පැවැසෙයි. ඒ, ප්‍රමාණවත් මානුෂීය ආධාර ගාසා පලස්තීන වැසියන්ට ලබා දීමට නොහැකි වූ බව පෙන්වා දෙමිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS