අවමංගල්‍යයට සෞදි සල්මාන් කුමරු නෑ



දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍යයට සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සහභාගී නොවන බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

සල්මාන් කුමරු වෙනුවට සෞදි රජ පවුල නියෝජනය කරමින් ලන්ඩනයට පැමිණ රැජිනට අවසන් ගෞරව දැක්වූයේ ටුර්කී බින් මොහොමද් අල් සෞද් කුමාරයාය.

ටුර්කී බින් මොහොමද් අල් සෞද්, අභාවප්‍රාප්ත සෞදි රජු ෆහාද්ගේ මුණුපුරෙකි. මොහු 2018 වසරේ සිට සෞදි කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු ද වෙයි.

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍යයට ලෝක නායකයෝ බොහෝ දෙනෙක් සහභාගී වෙති. ඒ, බ්‍රිතාන්‍ය රජයේ විශේෂ ආරාධනාවකට අනුවය. බ්‍රිතාන්‍ය රජය සෞදි රජයට ද ඇරැයුම් කළේය.

සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් අප්‍රසාදයෙන් පසුවෙයි. ඒ, මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතන සිද්ධිය සම්බන්ධයෙනි. කශොග්ජී ඝාතනය වූයේ සල්මාන් කුමරුන්ගේ අණුදැනුම යටතේ යැයි චෝදනා එල්ල වී ඇත. ඒ අනුව, සල්මාන් රජු ලන්ඩනයට නොපැමිණීමට තීරණය කළ අතර, ඒ වෙනුවට ටුර්කී බින් මොහොමද් අල් සෞද් එවීමට කටයුතු කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS