නව හමුදා උපදේශකවරයෙකු පත් කරයි



එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපතිවරයා නව හමුදා කටයුතු පිළිබඳ උපදේශකවරයෙකු පත් කර ඇති බව වාර්තා වේ.

එමිරේට්ස් ජනාධිපති, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන් ෆෙඩරල් නියෝගයක් නිකුත් කරමින් හමාඩ් මොහොමඩ් තානි අල් රුමයිති හමුදා කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශවරයෙකු ලෙස පත් කර ඇත.

අදාල පත් කිරීම නිල ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළ යුතු අතර, එය පළ කළ දින සිට බලාත්මක වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS