ඉඩ ඉල්ලීමෙන් පසු මුහුණට පහරදීලා



ඩුබායි නුවර මාර්ගයක ධාවනය කළ මෝටර් රථයකින් ඉස්සර කිරීමට ඉඩ ඉල්ලීම හේතුවෙන් ඉදිරි පසින් ධාවනය කළ රියදුරු පහර දී ඇති බව වාර්තා වේ.

මෝටර් රථයේ ප්‍රධාන විදුලි පහන් (හෙඩ් ලයිට්) දල්වා ඔහුව පසුකර යාමට ඉඩ දෙන ලෙස සංඥා කළ නමුත් 34 හැවිරිදි රියදුරු ඔහුව නොසලකා හැරි බවත්, මාර්ග සංඥාවලට නතර කළ අවස්ථාවේදි පැමිණ මුහුණට පහර දුන් බව පහර කෑමට ලක් වු රියදුරා ප්‍රකාශ කළේ ය.

පහර දීම සිදුකළ බව පිළිගැනීමෙන් පසු, යුරෝපීය රියදුරාට ඩිරාම් 10,000 ක දඩයක් ඩුබායි අධිකරණය නියම කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)


RECOMMEND POSTS