වසර 20 කට පසු ඉන්ජිනේරුවා නිදහස්



2001 වසරේ සැප්තැම්බර් 11 වැනි දා ඇමෙරිකාවට එල්ල වුණු අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කරමින්, අත්අඩංගුවට ගෙන, කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර, වසර 20 ක් ග්වන්තනාමෝ බේ හමුදා බන්ධනාගාරයේ රඳවා සිටි සෞදි අරාබි ඉංජිනේරුවෙකු නිදහස් කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.

ඇමෙරිකාවට තර්ජනයකන් වන ත්‍රස්ත සැකකරුවන් කිසිදු නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීම සිදු වන්නේ මෙම ග්වන්තනාමෝ බේ බන්ධනාගාරයේය.

ඇමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ 48 හැවිරිදි ගසන් අල් ෂර්බි නමැති එම ඉන්ජිනේරුවාට ආපසු සෞදි අරාබියට යෑමට අවසර ලබා දුන් බවය.

ඒ ඔහු ඇමෙරිකාවේ ආරකත්ෂාවට තර්ජනයක් නොවන බව තහවුරු කර ගැනීමෙන් අනතුරුවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS