අයි.එස්. ත්‍රස්තයෝ 20 ක් හිරෙන් පැන යති



ප්‍රබල භූමි කම්පාවෙන් තුර්කි සිරියානු දේශසීමාවේ රාජෝ නමැති නගරයේ බන්ධනාගාරයකට හානි සිදුවිය. මෙම බන්ධනාගාරය කුර්දි සටන්කාමීන්ගේ පාලනය පැවැතුණු බන්ධනාගාරයකි.

බන්ධනාගාරයට හානි සිදුවෙද්දී, එහි රඳවා සිටි අයි.එස්. ත්‍රස්තවදීන් 20 දෙනකු පලා ගොස් ඇතැයි පැවැසෙයි.

මෙම බන්ධනාගාරයේ රැඳෙවියෝ 2,000 දෙනෙක් වෙති. ඔවුන්ගෙන් 1,300 දෙනකු අයි.එස්. ත්‍රස්ත සාමාජිකයන් බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS