බස් රථයක් ඇළකට පෙරළී 19ක් මරුට



උතුරු ඊජිප්තුවේ මාර්ගයක ධාවනය කරමින් තිබු බස් රථයක් ඇළකට පෙරළීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කළේ ය.

පුද්ගලයන් 35 දෙනෙකු පමණ රැගත් බස් රථය අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන අගා නගරයේ මන්සූරිය ඇළට පෙරළි ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කයිරෝ නුවර)                

RECOMMEND POSTS