මරණ තර්ජනය කර හිරේ යයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි නුවර යුවලකට මරණ තර්ජනය කළ පුද්ගලයින් දෙනෙකුටසිරදඩුවම් නියම කර ඇති බව වාර්තා වේ.

ඩුබායි ආයෝජන උද්‍යාන ප්‍රදේශයේදි ආදාල සිදුවීම සිදු ව ඇත.

වෙස් මුහුණු පැළඳ ගත් පුද්ගලයින් දෙදෙනෙකු තමාට සහ තම පෙම්වතියටපිස්තෝලයක් පෙන්වා තර්ජනය කර පහර දුන් බවත්, ඩිරාම් 8,000 ක් සහ පෞද්ගලික ලියකියවිලි අඩංගු බෑගය සොරකම් කළ බව පෙම්වතා ප්‍රකාශ කළේ ය.

අපරාධකරුවන් දෙදෙනාට ඩිරාම් 11,000ක දඩමුදලක් සහ වසර 3ක සිරදඩුවමකින් අනතුරුව රටින් පිටුවහල් කිරීමට ඩුබායි අපරාධ අධිකරණය නියෝග කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS