ළමා ජවාරම් කර හිරේ යයි



ඕමානය තුළ ළමා ජාවාරම් සිදුකළ පුද්ගලයන් කීපදෙනෙක්ට සිරදඩුවම් ලබාදී ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ඒ අනුව, ළමා ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන්ට වසර 15ක සිරදඩුවමක් ලබාදෙන ලෙස ඕමාන් අපරාධ අධිකරණය නියෝග කර ඇත.   

ඕමාන් රාජකීය පොලීසිය සිදුකරන ලද දැණුවත් කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම පුද්ගලයන් අල්ලා ගැනීමට හැකි වු බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඕමානයේ මිනිස් ජාවාරම් සිදුවීම් තවමත් අඩු මට්ටමක පවතින බවත්, අපරාධකරුවන් සහ වින්දිතයින්ගෙන් බහුතරයක් විදේශිකයන් වන බව ඕමාන් රාජකීය පොලීසියේ අපරාධ විමර්ශන අධ්‍යක්ෂ ජනරාල්, බ්‍රිගේඩියර් ජමාල් බින් හබීබ් අල්-කුරෙයිෂි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයන්, මස්කට් නුවර)

 


RECOMMEND POSTS