ලොව ප්‍රථම මුහුදු ඩ්‍රෝන් බලකාය පිහිටුවයි



ලොව ප්‍රථම බහු-ජාතික මුහුදු ඩ්‍රෝන් බලකායක් පිහිටුවීමට බහරේන් රාජ්‍යය කටයුතු කරන බව වාර්තා වේ.

අරාබි ගල්ෆ් මුහුදේ මුර සංචාරය කිරීම සඳහාමෙම මුහුදු ඩ්‍රෝන් බලකායක් පිහිටුවීමට බහරේනය කටයුතු කරයි.

ඉදිරි මාස කීපයේදි අරාබි ගල්ෆ් මුහුදු කලාපයේ මුර සංචාරය කිරීම ආරම්භ කරන බව බහරේනය පදනම් කරගත් පස්වන බලඇණියේ අණදෙන නිලධාරි, වයිස් අද්මිරාල් බ්‍රැඩ් කූපර් පැවසුවේය.

මිනිසුන් රහිත මතුපිට යාත්‍රා 100ක් පමණ ගල්ෆ් මුහුදු කලායේ යෙදවීම අපේක්ෂා කරන බව අණදෙන නිලධාරියා වැඩිදුරටත් පැවසුවේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online -මනාමා නුවර)

RECOMMEND POSTS