හොර සෞඛ්‍ය සේවකයාව අල්ලයි



සෞදි අරාබියේ සෞඛ්‍ය සේවකයෙකු ලෙස පෙනී සිටි විදේශීය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ව්‍යාජ වෛද්‍ය උපදෙස් පළ කර ඇති අතර, හෝටලයක දේශනයක්ද පවත්වා ඇති බවට විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල කිසිදු අධ්‍යයන සුදුසුකමක්, ප්‍රයෝගික දැණුමක් හෝ නීතිමය ලියකියවිලි නොමැතිව රෝගීන්ට වෛද්‍ය උපදෙස් ලබාදී ඇත.

නීත්‍යානුකූල බලපත්‍රයක් ලබා නොගෙන සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ලෙස පෙනී සිටීම හෝ වෛද්‍ය උපදෙස් ප්‍රචාරණය කිරීම සපුරා තහනම් වේ.

මෙම නීති උල්ලංඝනය කරන්නන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමටද සිදු වේ

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS