නාය යෑමෙන් කම්කරුවන්පිරිසක් මරුට



ඕමානයේ සිදු වු නාය යෑමකින් කම්කරුවන් පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

ඕමානයේ අල්-ධහිරාහි අල්-අරිඩ් උතුරු ආණ්ඩුකාර කාර්යාල ප්‍රදේශයේ2022 මාර්තු 27 දින නාය යෑම සිදු වී ඇති අතර, අතුරුදහන් වු කම්කරුවන් හය දෙනෙකු සෙවීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇත.

දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් පසු පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම්වලට හැකි වී ඇති බව සිවිල් ආරක්ෂක සහ ගිලන්රථ අධිකාරියපැවසීය.

මීට පෙර මළ සිරුරු හයක් සොයාගත් බවත්,සුනබුන් අතර සිර වී සිටි කම්කරුවන් පස් දෙනෙකු බේරා ගැනීමට හැකි වු බව සිවිල් ආරක්ෂක සහ ගිලන්රථ අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS