නිල ඇඳුමෙන් රැදී සිටීම තහනම්



කුවේට් ආරක්ෂක අංශ සාමාජිකයින්ට නිල ඇඳුමෙන් අවන්හල් තුල රැඳී සිටීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත.

නිල ඇඳුමෙන් අවන්හල් තුළ වාඩි වී සීටීම සහ කෝපි කෝප්ප අතේ තබා ගනිමින් ඇවිදීම තහනම් කිරීමට කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇත.

අවන්හල් තුළට ගොස් ආහාර මිල දී ගැනීම ආරක්ෂක අංශ නිලධාරීන්ට තහනම් කර නොමැති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ උප-ලේකම් ලුතිනන් ජෙනරාල් ෂෙයික් ෆයිසාල් අල් නවාෆ් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඔන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS