හජ් වන්දනාවට 450,000ක් ලියාපදිංචි වෙලා



සෞදි අරාබියේ හජ් වන්දනාව සඳහා 450,000කට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇති බව වාර්තා වේ. ලියාපදංචි වු පිරිසෙන් සියයට 60ක් පිරිමින් වන අතර, සියයට 40 ක් කාන්තාවන් වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් වයස අවුරුදු 18-65ත් අතර මාත්‍රා දෙකම ලබාගත් සෞදි ජාතිකයන් සහ සෞදියේ සිටින විදේශිකයන් 60,000කට පමණක් හජ් වන්දනා කටයුතු සිදු කිරීම සඳහා අවසර ලබා දී ඇත.

සෞදි හජ් සහ උම්රා අමාත්‍යාංශය අමාත්‍යාංශය හජ් පැකේජ තුනක් හඳුන්වා දී තිබේ.

පළමු පැකේජය රියාල් 12,113 ක් ද, දෙවන පැකේජය රියාල් 14,381 ක් ද, තෙවන පැකේජය රියාල් 16,560 ක් (බදු රහිතව) වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS