රිය අනතුරින් 17කට දිවි අහිමි වෙයි



ඊජිප්තුවේ සිදු වු මාරක රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.අනතුරින් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා ඇති බව ඊජිප්තු පොලීසිය ප්‍රකාශ කළේ ය.

කයිරෝ අගනුවරට දකුණින් කිලෝමීටර් 390 ක් ඈතින් පිහිටි සොහාග් පළාතේ ජුහයිනා දිස්ත්‍රික්කයේ අධිවේගී මාර්ගයක කුඩා ප්‍රමාණයේ බස්රථයක් ට්‍රක් රථයක් සමඟ එකට ගැටීමෙන් මාරක රිය අනතුර සිදු විය.

ගිලන්රථ මගින් සිරුරු සහ තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන ගිය බව ඊජිප්තු පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කයිරෝ නුවර)


RECOMMEND POSTS