අබා ගුවන්තොටුපොලට ප්‍රහාරයක්



සෞදි අරාබියේ අබා ගුවන්තොටුපොලට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඉරානයේ සහය ලබන යේමනයේ හවුදි ගරිල්ලන්  පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානක් යොදා ගනිමින් ප්‍රහාරය එල්ල කළ බවත්, ප්‍රහාරය සාර්ථකව මැඩපැවැත්වීමට හැකි වු බව  යේමනයේ සෞදි නායකත්වයෙන් යුත් ඒකාබද්ධ සන්ධාන හමුදාව ප්‍රකාශ කළේ ය.

විනාශ කළ ඩ්‍රෝන යානයේ සුන්බුන් විසිරී ගොස් ඇති බවත්, ප්‍රහාරයෙන් ගුවන් තොටුපලේ සේවකයින් සිව් දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව සන්ධාන හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

අබා ගුවන් තොටුපලේ සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ගනිමින් හවුති ගරිල්ලන් එල්ල කළ ප්‍රහාරය යුද අපරාධයක් ලෙස සෞදි රූපවාහිනිය වාර්තා කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS