හරක් මස් ආනයනය නවත්වයි



සෞදි අරාබිය බ්‍රසීලයෙන් හරක් මස් ආනයනය කිරීම නතර කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

බ්‍රසීලයෙන් පිස්සු ගව රෝගය සොයා ගැනීමෙන් පසු, එරට හරක් මස් අපනයනකරුවන් පස් දෙනෙකුගෙන් හරක් මස් ආනයනය කිරීම නතර කිරීමට සෞදි අරාබිය පියවර ගෙන ඇත.

ලොව අංක එකේ පාරිභෝගිකයා වන චීනය සමඟ බ්‍රසීලය අත්සන් කර ඇති සෞඛ්‍ය නීතිරීතීන්ට අනුකූලව, හරක් මස් ආනයනය කිරීම චීනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ලොව විශාලතම ගවමස් අපනයනකරු වන්නේ බ්‍රසීලය යි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS