ඉරාන ඛනිජ තෙල් ඇමැති වෙනිසියුලාවේ



ඉරාන ඛනිජ තෙල් සම්බන්ධ අමාත්‍ය ජාවද් ඔව්ජී, වෙනිසියුලාවේ සංචාරයක් සඳහා පැමිණියේය.

ඉරානයත්, ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාවත් අතර පවතින්නේ සමීප මිත්‍රත්වයකි. එම මිත්‍රත්වය වර්ධනය කර ගැනීම ඉරාන ඛනිජ තෙල් අමාත්‍යවරයාගේ මෙම සංචාරය ඉවහල් විය.

අමාත්‍ය ජාවද් ඔව්ජී, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ හමුවී සාකච්ඡා පැවැත්වීය. ඒ, ඇමෙරිකාව පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන්, එම සම්බාධක 'මඟහැර' කටයුතු කරන ආකාරය සම්බන්ධයෙනි.

ඉරානය මෙන්ම වෙනිසියුලාව ද ඇමෙරිකාවේ උදහසට ලක් වූ රජ්‍යයන් වන අතර දෙරටටම ඇමෙරිකාව ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සම්බාධක පැනැවීම් කර තිබේ.

ඉන්ධන සහ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සම්බන්ධයෙන් ද බලශක්ති අමාත්‍යවරයා සහ වෙනිසියුලා ජනාධිපතිවරයා අතරේ සාකච්ඡා පැවැත්විණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS