ඉරාන ගිනි සැණකෙළිය 11 ක් බිලි ගනී



‘පර්සියානු’ නව වසර සමරමින් ඉරානයේ ගිනි සැණකෙළි පැවැත්වෙයි. ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම සැණකෙළි හේතුවෙන් 11 දෙනකු මියගොස් ඇති බවත් 3,500 ක් පමණ තුවාල ලබා ඇති බවත්ය.

අතිතයේ ඉරානය හැඳින්වූයේ ‘පර්සියාව’ ලෙසිනි. ෆාර්සි බසින් මෙම ගිනි සැණකෙළිය හැඳින්වෙන්නේ ‘ෂහර්සන්බේ සූරි’ යන නමිනි.

ගිනි සැණකෙළියේ දී සිදුවන්නේ දැල්වූ ගිනි මැලවලට ඉහළින් පැනීමය. මෙහිදී නපුරු ආත්ම පලවා හැරීමක් සිදුවන බව ඉරාන වැසියෝ විශ්වාස කරති.

ඉරාන දින දර්ශනයට අනුව, ඔවුන්ගේ නව අවුරුදු උදාව මාර්තු 20 වැනිදා තෙක් පැවැත්වෙයි. සැණකෙළිය ආරම්භ වූයේ පෙබරවාරි මාසයේය.

(රොයිටර්)


RECOMMEND POSTS