ආධාර රැගත් ට්ර ක්රථ 10ක් සිරියාවට



සිරියාවේ භූමිකාම්පාව හේතුවෙන් අවතැන වී සිටින ජනතාවට ආධාර ලබාදීම සඳහා ආධාර රැගත් ට්‍රක්රථ 10ක් සෞදි අරාබිය සිරියාවට යවා ඇති බව වාර්තා වේ.

කූඩාරම්, බ්ලැන්කට්, පාපිසි, නවාතැන් මලු සහ වෛද්‍ය උපකරණ එම ආධාර තොගයට අයත් වේ.

සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය මෙම ට්‍රක් රථ 10 සිරියාවට යැවීමට කටයුතු කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

මීට අමතරව, අත්‍යාවශ්‍ය ආධාර රැගත් ගුවනයානා 12ක් සිරියාවට පිටත් කර යැවීමටද සෞදි අරාබිය පියවර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS