ගිනි අවියට පෙම් බැඳි සෞදි තරුණිය



සෞදි අරාබියේ මොනා අල්-කුරයිස් නම් කාන්තාව ගිනි අවි පුහුණුකාරිනියක් ලෙස කටයුතු කරන බව වාර්තා වේ.
කුඩා දැරියක සිටම ගිනි අවි වලට ප්‍රිය කර ඇති අතර, ඇගේ පියා දඩයමේ යන අවස්ථාවන් වලදි ඇයව රැගෙන ගොස් වෙඩි තබන ආකාරය පුහුණු කර ඇත.

වසර පහකට පෙර, ඇය බලපත්‍රලාභී ගිනි අවි පුහුණුකාරිනියක් වීමට සෞදි අරාබියේ සහ විදේශයන්හි පුහුණුවීම් ලබා ගනිමින් එම ආශාව තම වෘත්තිය බවට පත් කර ගැනීමට සමත් වී ඇත.

36 හැවිරිදි මොනා අල්-කුරයිස් දැන් රියාද් නුවර “Top Gun Firing range“ හි වෙඩි තැබීම උගන්වන අතර, වැඩි වැඩියෙන් කාන්තාවන් ඇගේ පුහුණු පන්තිවලට සම්බන්ධ වේ.

මීට පෙර පිරිමින් සඳහා වෙන් කර තිබූ මෙම දුෂ්කර ක්ෂේත්‍රයට පිවිසීමට දිරිමත් කිරීම සඳහා සෞදි ගැහැණු ළමයින් සමඟ මගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට  බලාපොරොත්තු වන බවත්,  ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම එකම ඉලක්කය බව ඇය ප්‍රකාශ කළා ය.

මා මුහුණ දුන් බරපතලම දුෂ්කරතාවය වූයේ කාන්තාවන්ගේ විවේචනයි, එය මා පිරිමින්ගෙන් අපේක්ෂා කළ නිසා පුදුමයක් වු බව වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS