ඉරාන නිළිය අත්අඩංගුවට
සම්මානනීය ඉරාන ජාතික නිළියක වන ටාරානේ අලිදෝස්ති ඉරාන රජය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඇය එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැප්තැම්බර් මාසයේ සිට රට පුරා පැතිර ගිය විරෝධතාවලට සම්බන්ධ වූ පුද්ගලයෙකු එල්ලා මරා දැමීම ප්රසිද්ධියේ විවේචනය කළ බැවිනි.
ටාරානේ අලිදෝස්ති, විදෙස් විචාරකයන්ගේ පැසැසුමට ලක් වූයේ, 2016 ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ ‘ද සේල්ස්මන්‘ චිත්රපටය හරහාය.
පසුගිය සැප්තැම්බර් මාසයේ, 22 හැවිරිදි මහ්සා අමිනි නමැති ඉරාන කුර්දිස්තාන තරුණිය පොලිස් භාරයේ සිටියදී මියගියාය. ඇය අත්අඩංගුවට ගැණුනේ නිසි ලෙස හිජාබය පැලඳ නොසිටි බැවිනි.
ඉරානයේ විරෝධතා ආරම්භ වූයේ මෙම සිදුවීම මුල්කොට ගනිමිනි.
මිලියන අටකට අධික පිරිසක් සිටින ඇයගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණුම ද තහනම් කිරීමට ඉරාන රජය පියවර ගෙන තිබේ.
(අල් ජසීරා)