ඉරාක අගමැති ඝාතන තැත වරදී



ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදීමී ඝාතනය කිරීමට කිසියම් පිරිසක් උත්සාහ ගෙන ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා දිවි ගලවා ගැනීමට සමත් වූ බවත් ඉරාක මාධ්‍ය වාර්තා කරයි.

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර අධි ආරක්ෂිත 'හරිත කලාපයේ' අග්‍රාමාත්‍ය නිල නිවස පිහිටා ඇති අතර, එම නිල නිවස ඉලක්ක කර ගනිමින් එහි හැපීමට නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පැමිණ ඇත. ඩ්‍රෝන යානයට පුපුරන ද්‍රව්‍ය අටවා තිබුණි.

ආරක්ෂක අංශ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඩ්‍රෝන යානය නිල නිවසේ හැපී පිපිරීම සිදුවීමට පෙර අග්‍රාමාත්‍යවරයා නිවසින් පිටතට ගෙන ගිය බව පැවැසෙයි.

ජනාධිපතිවරයාගේ සමිපතමයන් 6 දෙනකු සහ ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනකු ඩ්‍රෝන යානය පුපුරා යෑමෙන් තුවාල ලැබූ බව බීබීසී පුවත් සේවය පවසා ඇත.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැති නමුත්, අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට උත්සාහ කළේ ඉරාන හිතවාදී ඉරාක සටන්කාමීන් යැයි අනුමාන කෙරේ.

(ඒ.ඒෆ්.පී.)

 


RECOMMEND POSTS