සෞදි රන්බඩු ආපසු දෙන්නැයි නියෝග



ජනාධිපති ධුරයේ සිටිද්දී, සෞදි රජයෙන් ත්‍යාග වශයෙන් ලැබුණු ස්වර්ණාභරණ ඇතුළු සියලු තෑගි භාණ්ඩ දින 5 ක් ඇතුළත වහාම ආපසු බාර දෙන්නැයි බ්‍රසීල ෆෙඩරල් ගිණුම් අධිකරණය හිටපු ජනාධිපති යාර් බොල්සරානෝට නියෝග කර තිබේ.

විදේශ සබඳතා හරහා සහ විදේශ සංචාර හරහා එම ත්‍යාග ලැබුණේ බ්‍රසීල ජනාධිවරයාට බවත්, ඒවා රජයට ආපසු ලබා දීම හිටපු ජනාපධිති බොල්සරානෝ කළ යුතු බවත් ෆෙඩරල් ගිණුම් අධිකරණය පෙන්වා දී තිබේ.

බ්‍රසීල නීතියට අනුව, ධුරයෙන් ඉවත් වන ජනාධිපතිවරයකුට තමන් සන්තකයේ තබා ගත හැක්කේ, අතිශය පෞද්ගලිකව හිමිවන ත්‍යාග පමණක් යැයි පැවැසෙයි.

2019 වසරේ දී ජනාපධිති ධුරය හොබවමින්, බොල්සරානෝ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරයකට ගියේය. එහිදී ඔහුට ත්‍යාග වශයෙන් තුවක්කු දෙකක් ද හිමිවිය.

ඒවා ද දින 5 ක් ඇතුළත ආපසු බාර දෙන්නැයි අධිකරණය නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS