ඉරාන කුද්ස් බළඇණිය ත්‍රස්ත ලැයිස්තුවේ



ඉරාන විප්ලවීය හමුදාවේ අතිරේක බළඇණියක් ලෙස සැලකෙන ‘කුද්ස්’ බළඇණිය දිගටම ඇමෙරිකාවේ ත්‍රස්ත ලැයිස්තුවේ සිටිය යුතු යැයි ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ හමුදා ජනරාල්වරයකු වන මාර්ක් මිලෙයි අවධාරණය කර තිබේ.

ජනරාල්වරයා මේ බව අවධාරණය කළේ සන්නද්ධ සේවා සම්බන්ධයෙන් සෙනෙට් සන්නද්ධ සේවා කමිටුව හමුවේ අදහස් දක්වමිනි.

“කුද්ස් බළඇණිය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස මා දකිනවා. කුද්ස් බළඇණිය ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත් කළ යුතුයි මා හිතන්නේ නැහැ.” යැයි ජනරාල් මාර්ක් මිලෙයි පවසා තිබේ.

ඇමෙරිකන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ද ජනරාල් මාර්ක් මිලෙයි ය.

(අල් ජසීරා)


RECOMMEND POSTS