තෙල් නිකුත් නොකිරීම වේදනාකාරියි: ඇමති කියයි



රටවල් සතුව පවතින හදිසි තෙල් සංචිත අවභාවිතා නෙකළ යුතු බව සෞදි බලශක්ති අමාත්‍ය අබ්දුල්අසීස් බින් සල්මාන් කුමරු ප්‍රකාශ කළේ ය.

වෙළඳපොල හැසිරවීමට හදිසි තෙල් සංචිත භාවිතා නොකළ යුතු බවත්, අරමුණ විය යුත්තේ සැපයුම් හිඟය අවම කිරීමට පමණක් බවරියාද් නුවර පැවති ආයෝජනසමුළුව අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

සෞදි අරාබිය ලෝකයේ වඩාත්ම විශ්වාසවන්ත තෙල් සැපයුම්කරුවා ලෙස විශ්වාසය දිනා ගෙන සිටින බවත්, යුරෝපයට සපයන තෙල් බැරල් ප්‍රමාණය 490,000 සිට 950,000 දක්වා වැඩි කර ඇති බවත් , ඉදිරි මාසවලදී හදිසි තෙල් සංචිත නිකුත් නොකිරීම වේදනාකාරී විය හැකි බව පැහැදිලිවලෝකයටසත්‍යප්‍රකාශ කිරීම මගේ පරම යුතුකමයි බව අමාත්‍යවරයා පැවසීය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS