වීසා බලපත්‍ර අවලංගු කරන්න යයි



කුවේටයෙන් පිටත මාස හකට වැඩි කාලයක් රැඳී සිටින විදේශ ශ්‍රමිකයින්ගේ විසා බලපත්‍ර අවලංගු කරන බව වාර්තා වේ.

ඒ අනුව, කුවේටයෙන් පිටත රැඳි සිටින විදේශ ශ්‍රමිකයින්ට නැවත කුවේටයට පැමිණීමේ අවසන් දිනය 2023 ජනවාරි 31 ලෙස කුවේට් නේවාසික කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් අවුරුදු දෙකකට වැඩි කාලයක් කුවේටයෙන් පිටත රැඳී සිටීමටකුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයමීට පෙරඅවස්ථාව ලබා දී තිබුණි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS