පියා නොදන්නා දරුවන්ට උප්පැන්න සහතික



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පියා නොදන්නා දරුවන්ට උප්පැන්න සහතික ලබාදීමට කටයුතු කරන බව වාර්තා වේ.

උප්පැන්න සහතික නිකුත් කිරීම මේ වනවිටආරම්භ කර ඇති අතර, ඊට අදාල නීතිමය කටයුතුද අවසන් කර ඇත.

පියා දන්නා හෝ නොදන්නා දරුවන්ට උප්පැන්න සහතික ලබාගැනීමේ අයිතිය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය නීතියෙන් පිළිගෙන ඇත.

එමිරේට්ස් ජනාධිපති, ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් නියෝග නිකුත් කර ඇති අතර, උප්පැන්න සහ මරණ ලේඛනය නියාමනය කිරීමේ නියෝගය අංක 10-2022 යටතේ අදාල උප්පැන්න සහතික නිකුත් කරයි.

පියා නොදන්නා, තම දරුවා ලියාපදිංචි කිරීමට තනි මවකට ඇති අයිතිය අරාබි රටක් පිළිගත් පළමු අවස්ථාව මෙය වේ.

නීතියේ 11 වැනි වගන්තියේ යටතේ, කාන්තාවකට අවශ්‍ය වන්නේ තමා දරුවාගේ ජීව විද්‍යාත්මක මව බව උසාවියේදී ප්‍රකාශ කර උප්පැන්න සහතික ලබාගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS