සෞදි-ඊශ්‍රායල සංචාරය ප්‍රමාද වන ලකුණු



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සෞදි අරාබියේත් ඊශ්‍රායලයේත් සංචාරයකට සූදානමින් සිටින නමුත්, ධවල මන්දිරය ඊයේ (4) නිවේදනය කළේ එම සංචාර ජූලි මාසය තෙක් කල් දැමුණු බවය.

ධවල මන්දිරය මීට පෙර පවසා තිබුණේ බයිඩන් ජූනි මුල් සතියේ සෞදියේත් ඊශ්‍රායලයේත් සංචාරය කරමින් ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගනු ඇති බවය.‍

ඊට අමතරව, සෞදි සහ ඊශ්‍රායල බලධාරීන් සමඟ ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS