පොදු ස්ථානවලට යන්න අවසර



අබුඩාබිය කොරෝනා නීතිරීති ලිහිල් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව, කොවිඩ්-19 එන්නත ලබාගත් පුද්ගලයන්ට පොදු ස්ථානවලට (සාප්පු සංකීර්ණ, අවන්හල්, ව්‍යායාම මධ්‍යස්ථාන, කෞතුකාගාර, නිකේතන සහ අනෙකුත් සියලුම සිල්ලර වෙළඳසැල්) ගමන් කිරීමට අවසර ලබා දෙයි.

2021 අගෝස්තු 20 දිනය සිට පොදු ස්ථානවලට ගමන් කිරීමට අවස්ථාව හිමි වන බව අබුඩාබි මාධ්‍ය කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

වයස අවුරුදු 15ට අඩු සහ කොරෝනා එන්නත ලබා නොගත් පුද්ගලයන්ට පොදු ස්ථානවලට ගමන් කිරීමට අවස්ථාව හිමි නොවේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS