ඉරාන උත්තරීතර නායකයා ජනතාව ඉදිරියට



අයහපත් සෞඛ්‍ය හේතුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළැකුණු ඉරාන උත්තරීතර නායක අලී හුසේනී කහමේනී ප්‍රසිද්ධියේ පෙනී සිටි බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

'කොවිඩ් 19' වසංගතය ආරම්භ වීමෙන් පසු කහමේනී ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි.

කහමේනී ජනතාව අතරට ගියේ පසුගිය දා පැවැත්වුණු ෂියා මුස්ලිම්වරුන්ගේ අර්බදීන් ආගමික උත්සවය වෙනුවෙනි.

වාර්ෂිකව පැවැත්වෙන අර්බදීන් සැමරුමට කහමේනී පමණක් නොව, ඉරානයේ ෂියා මුස්ලිම් ආගමික නායකයෝ බොහෝ දෙනෙක් සහභාගී වූහ.

ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන්නේ ඉරානයයි.

(රොයිටර්)


RECOMMEND POSTS