ආධාර බෙදාදීමේ ව්‍යාපාරයක් අරඹයි



කුවේටය ගංවතුරෙන් සහ නියඟයෙන් පීඩාවට පත් රටවල්වලට ආධාර බෙදා දීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කුවේට් රතු අඩසඳ සංවිධානය හරහා විපතට පත් රටවල්වලට ආධාර බෙදා දීමට කුවේටය සැළසුම් කර ඇත.

දැනට ගංවතුර සහ නියඟය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් සෝමාලියාව, සුඩානය සහ පකිස්ථානය යන රටවලට ආධාර ලබාදීමට කුවේටය කටයුතු කරයි.

මෙම ව්‍යාපාරය දියත් කරනු ලැබුවේ දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය  බෙහෙත්, නවාතැන් සහ පානීය ජලය හැකි ඉක්මණින් ලබාදීමට බව කුවේට් රතු අඩසඳ සංවිධානයේ මහලේකම්, මහා අල්-බර්ජාස් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
‍(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS