භූමි කම්පාවෙන් දෙදරා ගිය වේල්ලක් පුපුරයි



භූමි කම්පාවෙන් දෙදරා ගිය සිරියාවේ වේල්ලක් පුපුරා යෑමෙන් ගම්මාන රැසක් ජලයෙන් යට වූ බව විදෙස් මාධ්ය  වාර්තා කර තිබේ.

පුපුරා කැඩී ගියේ ඉඩ්ලිබ් පළාතේ වේල්ලකි. මහා ජල කඳට හසුවුණු ගම්මාන දෙකක් මුළුමනින්ම ජලයෙන් යටවී ගොස් ඇතැයි පැවැසෙයි. මෙම වේල්ල ‘ආසි’ නදිය හරස් කරමින් ඉදි කරන ලද්දකි.

භූමි කම්පාවෙන් වේල්ල දෙදරා ගිය අවස්ථාවේදී අවට ගම්මාන හිස් කිරීමට බලධාරීන් පියවර ගත් බව පැවැසෙයි. ඒ අනුව, ගම්මාන ජලයෙන් යටවී යද්දී ඒවායේ කිසිවකු හෝ සිටියේ නැති බව මාධ්යන වාර්තා පැහැදිලි කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS