ඉරාන සිසුවියන්ට වසදීමේ රැල්ලක්



ඉරානයේ පාසල් සිසුවියන් ඉලක්ක කරගෙන වසදීමේ රැල්ලක් ඇති වී ඇති බව වාර්තා වේ.

පසුගිය මාස කීහිපය තුළ පාසල් සිසුවියන්ට වසදීමේ සිද්ධි වාර්තා වී ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනයට විරුද්ධ ආගමික අන්තවාදී කණ්ඩායම් මෙය පිටුපස සිටිය හැකි බව සමහර දේශපාලනඥයින් පෙන්වා දෙන බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ ෂියා මුස්ලිම් ශුද්ධ නගරයක් වන කොම් නගරයෙන් ආරම්භ වී ඇති බවත්, සමහර දෙමාපියන් තම දරුවන් පාසල්වලින් ඉවත් කිරීමට කටයුතු කරන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

අවම වශයෙන් නගර හතරක පාසල් 30 කට වැඩි සංඛ්‍යාවකට අයත් පාසල් සිසුවියන්ට විෂ ලබාදී ඇති බවට වාර්තා වේ.

රෝහල් ගත වූ සමහර පාසල් සිසුවියන්ට ඔක්කාරය, හෘද ස්පන්දනය සහ විවිධ රෝගවලට ගොදුරු වී ඇති බවදැනගන්නට ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නගරය)

RECOMMEND POSTS