පළමු ජාත්‍යන්තර කාන්තා විනිසුරුවරිය



කුවේටයේ පළමු ජාත්‍යන්තර පැසිපන්දු විනිසුරුවරිය ලෙස මුනීර අල්-හෂාෂ්ට පත් වී ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනයේ විනිසුරුවරියක් වීමට අවශ්‍ය සියළුම සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු ජාත්‍යන්තර පැසිපන්දු විනිසුරුවරියක් ලෙස නම් කර ඇති බව අරාබි ටයිම්ස් වෙබ් අඩවියේ සඳහන් කර ඇත. 

කුවේට් පැසිපන්දු සම්මේලනයේ සභාපති, රෂීඩ් අල්-එන්සි සුබපැතුම් එක් කර ඇති අතර, කුවේට් පැසිපන්දු ක්‍රීඩාවේ ප්‍රගතිය පිළිබිඹු කරන බව ඔහු සඳහන් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS