දෙවන චන්ද්‍රිකා ව්‍යාපෘතිය අරඹයි



කුවේයට සිය දෙවන චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පළමු කුවේට් චන්ද්‍රිකාව (KuwaitSat-1) අභ්‍යවකාශ ගත කිරීමෙන් පසු, විවේකයක් නොගෙන දෙවන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර, එය KuwaitSat-2 ලෙස නම් කර ඇත.

තමන් සහ විද්‍යාඥයින් කණ්ඩායම දෙවන චන්ද්‍රිකාවේ කොටස් සෑදීමේ වඩාත් දුෂ්කර හා සංකීර්ණ මෙහෙයුමක ආරම්භක අදියරේ සිටින බව ආචාර්ය යසර් අබ්දුල්රහීම් කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත.

උසස් අභ්‍යවකාශ දැනුම සහ පළපුරුද්ද ඇති රටවල රසායනාගාර මෙන්ම කුවේටයේ රසායනාගාරද නවීකරණය කර ඇති බව ඔහු හෙළි කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS