ආයුධ ජාවාරම්කරුට මරණ දඩුවම



සෞදි අරාබියේ ආරක්ෂක අංශවලට පහර දීමට සැලසුම් කළ ආයුධ ජාවාරම්කරුවෙකුට මරණ දඩුවම ලබා දී ඇති බව වාර්තා වේ.

සෞදි ජාතිකයෙකු වන අද්නාන් බින් මුස්තාෆා අල් ෂර්ෆා, සෞදි අරාබිය තුළ සහ ඉන් පිටත ආයුධ ජාවාරම්වල නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

රටේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය විනාශ කිරිමේ අරමුණින් ත්‍රස්තවාදීන් සමඟ කටයුතු කර ඇති බව අභයන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

 


RECOMMEND POSTS