හරිත ලයිස්තුවෙන් රටවල් 6ක් ඉවතට



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය රටවල් හයක් හරිත ලයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
ආර්මේනියාව, ඔස්ට්‍රියාව, ඊශ්‍රායලය, ඉතාලිය, මාලදිවයින සහ ඇමරිකා එක්සත් ජනපදය අගෝස්තු 18 දා සිට හරිත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව, එම රටවලින් පැමිණෙන පුද්ගලයින්ට යළි නිරෝධායනය වීමට සිදුවන බව කලීජ් ටයිම්ස් වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ඇල්බේනියාව, ඕස්ට්‍රේලියාව, බහරේනය, බෙල්ජියම, බෘෘනායි, බල්ගේරියාව, කැනඩාව, චීනය, චෙක් ජනරජය, ජර්මනිය, හොංකොං, හංගේරියාව, මෝල්ටාව, මොරිෂස්, මෝල්ඩෝවා, නවසීලන්තය, පෝලන්තය, අයර්ලන්ත ජනරජය, රුමේනියාව, සෞදි අරාබිය, සර්බියාව, සීෂෙල්ස්, සිංගප්පූරුව, දකුණු කොරියාව, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, තායිවානය සහ යුක්රේනය හරිත ලයිස්තුවට ඇතුලත් රටවල් වේ. 

බහරේනය, ග්‍රීසිය, සර්බියාව සහ සීෂෙල්ස් යන රටවල් හතර සංචාරක කොරිඩෝරය ලෙස නම් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS