ඉරානය 12 දෙනක් එල්ලා මරයි



ඉරානය, බන්ධනාගාර රැඳෙවියන් 12 දෙනකුගේ මරණ දඩුවම එක් දිනකදී ක්‍රියාත්මක කර තිබේ. එම 12 දෙනා අතර, එක් කාන්තාවක ද සිටී.

මරා දැමුණු රැඳෙවියන් පිරිස ‘සහිදාන්’ බන්ධනාගාරයේ රැඳෙවියන් බවත්, මත්ද්‍රව්‍ය චෝදනා සහ පුද්ගල ඝාතනය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් බවත් පැවැසෙයි. මොවුන් සියලු දෙනා සිස්ටන් බලුකිස්තාන ප්‍රාන්තයේ වැසියන්ය.

සිස්ටන් බලුකිස්තාන ප්‍රාන්තය පාකිස්තානයට සහ ඇෆ්ගනිස්තානයට ද මායිම්ව පිහිටා ඇත.

ඉස්ලාමීය ජනරජයක් වන ඉරානය, එක් දිනක් තුළ, 12 දෙනකුගේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්, මානව හිමිකම් සුරැකීමේ ජගත් සංවිධාන සිය කනස්සල්ල පළ කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS