සතියට වැඩ දින 4 1/2 යි
වැඩ කරන සතිය දින හතර හමාරක් බවට පත්කල පළමු රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත්වී තිබේ.
ඒ අනුව, ලබන 2022 ජනවාරි පළමුවනදා සිට එරට නව සති අන්තය ලෙස සැළකෙන්නේ සිකුරාදා වරුවක්, සෙනසුරාදා සහ ඉරිදා ය.
දැනට ලොව පුරා සම්මත වැඩ කරන සතිය ලෙස සැළකෙන්නේ දින 5 කි.
ජනවාරි පළමු වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාමාන්‍ය රාජකාරි වේලාවන් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 7.30 සිට පස්වරු 03.30 දක්වා වන අතර, සිකුරාදා දිනවල එය පැය 4 හමාරකට සීමා වනු ඇත.
කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ජීවන රටාව සමබරව පවත්වාගෙන යෑමේ අරමුනින්, ඔවුන් නව සැළසුම ක්‍රියාත්මක කරන බව එමිරේට්ස් බලධාරීන් පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)