මුවන් මැරූ 3ක් අත්අඩංගුවට



ඕමානයේ අල්-කුඩි ප්‍රදේශයේ “අරාබි ගැසල්“ වර්ගයේ මුවන් වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

රාජකීය ඕමාන් පොලිසියේ සහයෝගයෙන් දකුණු අල් ෂර්කියා ප්‍රාන්තයේ පරිසර දෙපාර්තමේන්තුව මෙම පුද්ගලයින් තිදෙනො අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

ඔවුන්ට එරෙහි නීතිමය ක්‍රියා පටිපාටි අවසන් වෙමින් පවතින බව පරිසර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS