බැටලු හිස් මමී 2,000 ක් හමුවෙලා



දෙවැනි රැම්සීස් පාරාවන්ට, පුද පූජාවක් ලෙස, පිළිගැන්වූ මමීකරණය කළ බැටලු හිස් 2,000 ක් කැණීම්වලින් සොයා ගැනීමට ඊජිප්තු පුරාවිද්‍යාඥයෝ සමත් වී සිටිති.

මෙම සොයා ගැනීම සිදු කර ඇත්තේ දකුණු දිග ඊජිප්තුවේය. සොයා ගැනීමට ඇමෙරිකාවේ නිව්යෝක් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාඥයන් පිරිසක් ද සම්බන්ධ යැයි පැවැසෙයි.

බැටලුවන්ට අමතරව, මමීකරණය කළ බල්ලන්, හරකුන්, ගෝනුන්, මුගටියන් ආදී සතුන් ද මෙම කැණීම් භූමියෙන් සොයා ගෙන ඇතැයි වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)
 


RECOMMEND POSTS