ගුවන් ගමන් වාර 10 ගුණයකින් වැඩි කරයි



සෞදි අරාබිය සිය ගුවන් ගමන් වාර දස ගුණයකින් වැඩි කිරීමට සැළසුම් කරන බව වාර්තා වේ.

අදාල ඉලක්කය වසර 10ක කාලය තුළ සපුරා ගැනීම සඳහා සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය සැළසුම් කර ඇත.

2030 වනවිට වසරකට ගුවන් මඟීන් මිලියන 330ක් ඉලක්ක කර ගනිමින් ගෝලීය ප්‍රවාහන හා සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටසෞදි රජය සැලසුම් කර ඇත.

මේ සඳහා සෞදි රියාල් බිලියන 500 (ඇමරිකානු ඩොලර් බිලියන 133.32) ආයෝජනයක් සිදු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS