ගුවන් ගමන් තහනම ඉවත් කරයි



සෞදි අරාබිය රටවල් තුනකට පනවා තිබු ගුවන් ගමන් තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ආර්ජන්ටිනාව සහ දකුණු අප්‍රිකාව එම රටවල් තුන වන අතර, සංචාරක කටයුතු නැවත ආරම්භ කිරීමට අවස්ථාව හිමි වේ.

දේශීය හා ගෝලීය වසංගත තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කිරීමෙන් පසු, පනවා තිබු ගුවන් ගමන් තහනම ඉවත් කිරීමට තීරණය කළ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS