දේශීය ආහාර මිලදී ගන්න: එමිරේටය කියයි



එමිරේට්ස් කෘෂි ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා දේශීය ආහාර මිලදී ගන්නා ලෙස රජයේ ආයතනවලට නියෝග කර ඇති බව වාර්තා වේ.

යුධ හමුදා සහ රෝහල් වැනි රජයේ ආයතනවලට දේශීයව නිෂ්පාදනය කරනු ලබන ආහාර මිලදී ගන්නා ලෙස නියෝග කර ඇති බව දේශගුණික විපර්යාස සහ පරිසර අමාත්‍යවරිය පැවසුවාය.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ආහාර වලින් 90% ක් ආනයනය කරන අතර, විවෘත වෙළඳ ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක කරමින් දේශීය ආහාර නිෂ්පාදනයට සහාය වීම සඳහා පසුගිය මාසයේ පැවති වාර්ෂික රජයේ රැස්වීමකදී තීරණය ගත් බව දේශගුණික විපර්යාස සහ පරිසර අමාත්‍ය, මාරියම් අල් ම්හෙයිරි අබුඩාබි නුවර පැවති ලෝක ප්‍රතිපත්ති සමුළුවවේදී පැවසු බව සඳහන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS