විශාල ගෑස් නිධියක් සොයා ගෙන



ඊජ්ප්තුව විශාල ගෑස් නිධියක් සොයා ගෙන ඇති බව ඊජිප්තු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ නර්ගිස් කොටසේ විශාල ගෑස් නිධියක් ඇති බව ඛනිජ තෙල් අමාත්‍ය,තාරෙක් එල් මොල්ලා ප්‍රකාශ කළේය.

ගෑස් නිධියට අදාලනිරීක්ෂණ කටයුතු තවමත් සිදුවෙමින් පවතින බව අමාත්‍යවරයා පාර්ලිමේන්තු කමිටුව සමඟ සිදුකළ සාකච්ඡාවේදී පැවසීය.

නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිහිටු වීමට ඊජිප්තුව දරණ උත්සහයට මෙම සොයා ගැනීම මහත් පිටිවහක් වේ.

ගෑස් නිධිය සොයාගැනීමේ තොරතුරු තහවුරු කිරීම ඊජිප්තු නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කයිරෝ නුවර)

RECOMMEND POSTS