සෞදිය මෝටර් රථ නිෂ්පාදනය කරන්න යයි



සෞදි අරාබිය මෝටර් රථ නිෂ්පාදනය කිරීමට සැළසුම් කරන බව වාර්තා වේ.

ලෝකයේ ප්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් කීපයක් සමඟ තමන් සාකච්ඡා කළ බව සෞදි ආයෝජන අමාත්‍ය, කලීඩ් අල්-පලිහ් ප්‍රකාශ කළේ ය.

තෙල් නොවන ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට සහාය වීම සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සැලසුම්වල කොටසක් ලෙස මෙය හඳුන්වන අතර, සෞදි අර්ථිකය පරිවර්තනයකට ලක් කිරීමට මෙමඟින් හැකි වේ.

වසර අවසානයට පෙර මෝටර් රථ නිෂ්පාදකයෙකු ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවත්, ඉන් පසුව තවත් මෝටර් රථ නිෂ්පාදකයින් කීපදෙනෙකු සෞදි අරාබියේ විදුලි මෝටර් රථ නිෂ්පාදනය කිරීමට කටයුතු කරනු ඇති බව සෞදි ආයෝජන අමාත්‍ය, කලීඩ් අල්-පලිහ් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS